Auto scrolling Bar

Friday, January 31, 2014

>Disk Partition කරද්දී එක Partition එකකට වැඩියෙන් Space එක ගියා කියල දැනුනද? එහෙනම් මෙන්න හොඳම විසඳුම "Virtual Drive"

 

















අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත්ම දෙයක්, මේක ගොඩක් වෙලාවට ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් දෙයක්. ඔයාලට පේනවද මේ උඩ Pic එකේ රතු පාටින් ලකුණු කරල තියෙන Drive එක? ඒක මම හදපු Virtual Drive එකක්. ඔයාලටත් මේ වගේ එකක් හදාගන්න පුළුවන් විදිහ අද මම ඔයාට කියල දෙන්නම්.  

මුලින්ම Control Panel>System and Security යටතේ තියෙන Create and Format Hard Disk Partitions එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ Window එකක් ලැබෙයි

ඊට පස්සෙ ඉහල Pic එකේ රවුම් කරල තියෙන "Actions" යටතේ "Create VHD" Option එකට යන්න. ඉන්පසුව පහල තියෙන විදිහෙ Window එකක් Open වෙයි. 
ඒකෙ Browse කියන තැනින් ඔයාලට හදන්න අවශ්‍ය Virtual Drive එකට Storage Space එක ගන්න පුළුවන් වැඩිපුර ඉඩ තියෙන Hard Drive Partition එකෙන් තැනක් තෝරල දීල, ඒ Drive එකට ඔයාල කැමති නමක් දෙන්න, ඊට පස්සෙ ඒකට පහලින් ඇති තැනින් ඔයාලට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය දෙන්න, MB, GB, TB කියල option 3න් කැමති විදිහට තෝරගන්න. එහෙම තෝරගෙන OK කරන්න.
 
ඒක ඉවර උනාට පස්සෙ මෙන්න මේ වගේ Drive එකක් පෙනෙයි
 

ඉන් පස්සෙ ඒ Drive එක පහල විදිහට Right Click කරාම Initialise කියල Option එකක් ඇති, ඒක Click කරන්න
ඊට පස්සෙ පහල වගේ Window එකක් Open වෙයි
ඒක ok කරාට පස්සෙ පහල තියෙන පියවර කිහිපය අනුගමනය කරන්න
01.
02.
03.
 04.
05.
06.
6වෙනි පියවරත් එක්කම අපේ වැඩෙත් සම්පූර්ණයි.. මේ ගැන ප්‍රශ්න තිබ්බොත් Comment එකක් මගින් දැනුවත් කරන්න.. 
අතපසු වීමකින් හෝ වෙනත් වෙනත් හේතුවකින් Virtual drive එකක් අතුරුදහන් උනොත් ඒක ආපහු Recover කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනව, කට්ටියගෙ ප්‍රතිචාර බලල ළඟදීම ඒකත් දාන්නම්..
වැඩේ හොඳයි වගේනම් Comment එකක් දාල යන්නත් අමතක කරන්නෙපා..
ආයෙත් මේ වගේ අලුත් දේකින් හම්බ වෙමු...

No comments:

අතිගරු හොර කුකුළා