Auto scrolling Bar

Sunday, February 23, 2014

>ෆේස්බුක් රැකගැනීම සහ සමාජය දැනුවත් කිරීම සඳහා නැගී සිටිමු

    දැන් ඉතින් බුකිය නැති වෙන පොටක්නෙ තියෙන්නෙ, මෙන්න ඒ නිසා ඒකට විරුද්ධව කට්ටියට නැගීසිටින්න සහ ෆේස්බුක් ගැන අපේ සමාජයේ තියෙන දුර්මතය ඉවත්කරන්න සහය වෙන්න හොඳම අවස්තාවක්.. 

    හැමදේකම දෙපැත්තක් තියෙනවනෙ, ඒක යහපතට පාවිච්චි කරොත් කිසිම ගැටළුවක් නෑනේ, ප්‍රශ්නය තියෙන්නෙ අයහපත වෙනුවෙන් පාවිච්චි කරන එක සම්බන්ධයෙන්නේ. ඒ වගේ අපේ රටේ කිහිපදෙනෙක් කරපු මෝඩ වැඩ නිසා දැන් අපිට ෆේස්බුක් නැති වෙන්න යන්නෙ. ඇත්තටම ෆේස්බුක් තුලින් සමාජයට අයහපතක් වෙනවනම් බුකිය නැත්තටම නැති කරාට ගැටළුවක් නෑ, ඒත් මේ සමාජයේ බහුතරයක් දෙනා ෆේස්බුක් නිසා ලබන පල ප්‍රයෝජන වැඩියිනේ... 
       ඉතින් මේ හේතුව නිසා අපේ වර්තමාන සමාජයේ ෆේස්බුක් ගැන. ගොඩාක් වැරදි දුර්මතයක් ගොඩනැගිල තියෙනව, ඒ දුර්මතය ඉවත්කරල ෆේස්බුක් කියන්නෙ ඇත්තටම මොකක්ද කියල අපේ රටේ ජනතාව දැනුවත් කරන්න උත්සහ කරන පුංචි අහිංසක උත්සහයක් මේක.
        මාර්තු මාසෙ 23වෙනි ඉරිදා ෆෙස්බුකිය තුලින් වැඩිම පල ප්‍රයෝජනයක් ලබන, එතුල විවිධාකාර විදිහේ අවිහිංසක ආකාරයෙන් සතුටු වෙන ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිල් ලෙස හඳුන්වන, අව්‍යාජ නොවූ මිතුරන් පිරිසක් එකතු වෙලා ෆේස්බුක් ගැන තියෙන මහජන දුර්මතය ඉවත් කරන්න සහ ජනතාව දැනුවත් කරන්න කියල හිතාගෙන වැඩසටහනක් සංවිධානය කරලා.. 
       ඉතින් ඒ සඳහා අපිත් එකතු වෙලා, අපේ හිතවතුන්ද එකතු කරගෙන මේ සමාජ දුර්මතය නැති කරමු. මෙයාල කරන මේ වැඩේ ගැන අනිත් අයවත් දැනුවත් කරලා එයාලට උදව් කරල අපිත් අපේ යුතුකම ඉෂ්ට කරමු නේද? පහල ලින්ක් එකෙන් ඒ වැඩසටහන සඳහා වන ෆේස්බුක් Event එකට සම්බන්ධ වෙලා, එයට මිතුරන්ට ආරාධනා කර මේ කාර්ය සාර්ථක කර ගැනීමට එයාලට සහය වෙමු...!!



ඉහත කාර්ය සාර්ථක කරගන්න අපිත් අපේ නොමසුරු සහය දක්වමු..


>ෆේස්බුක් තහනම් කරත් නොසැලී ඉමු. අපිට බුකියට එන්න පුළුවන්

       පහුගිය දවස්වල උන දේවල් නිසා බුකියත් වහල දාන අවධානමක් තියෙනව වගේ නේද? එහෙම උනොත් අපි හැමෝටම ලොකු දුකක් වෙයි ඒක. ඒත් බය වෙන්නෙපා, අපිට පුළුවන් ෆේස්බුක් යන්න දිගටම...
        සමහරු දන්නව ක්‍රම ඒවට, "IP Hide කිරිල්ල, Hidemyass වගේ වෙබ් අඩවි භාවිතා කිරීම" වගේ ගොඩාක් ක්‍රම.  ඒ වගේ ක්‍රමවලින් ගොඩක් වෙලාවට අපේ වේගය ගොඩාක් අඩු වෙනව...
        
        ඉතින් ඒ නිසයි මම අද ඒකට නියම විසඳුමක් ගෙනාවෙ. මේකත් කුකුළගෙන් තෑග්ගක් කියල හිතන්නකෝ. මේක Web Browser එකක්, මේකෙන් වැඩ ගන්න හැටි බලන්නනම් මේක පහළ ලින්කුවට ගිහිල්ල බාගමු. මේ Browser එකේ Version දෙකක් තියෙනව, එකක් තමයි Google Chrome එක, අනික තමයි Firefox එක.. ඔයාල කැමති එකක් බලල බාගන්න

මෙතනින් බාගන්න
දැන් ඒක බාගත්තට පස්සෙ ඒක පහල විදිහට Install කරගන්නකෝ,
(01) පියවර
 
 (02) පියවර
 
(03) පියවර




ඔන්න ඊට පස්සෙ ඕක ඔහොම Install කරගෙන Finish කරාට පස්සෙ පහල වගේ Window එකක් Open වෙයි. ඒකෙ Connect කියන එක ක්ලික් කරන්න.


ඊට පස්සෙ මෙන්න මේ වගේ Connect වෙලා ඉබේම Browser එක Open වෙයි.


මේ තියෙන්නෙ ඔයාල Install කරගත්තු Browser එක. (මමනම් ගත්තෙ Firefox Version එක)


දැන් ඕනෙනම් පොඩි Test එකකටත් එක්ක අපේ රටේ තහනම් කරපු Lanka E News Web සයිට් එකට පොඩ්ඩක් ගිහිල්ල බලන්න.


ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනෙ, මේකෙන් පුළුවන් අපේ රටේ තහනම් කරපු ඕනෙම වෙබ් සයිට් එකකට පිවිසෙන්න ;) 

මේක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ, මේක රජයට තහනම් කරන්න බෑ, ඒ ගැන එයාලගෙ වෙබ් අඩවියේම සඳහන් වෙලා තියෙනව. ඉතින් දැන් මහින්ද මාමි බුකිය තහනම් කරා කියල අපි තැවෙන්න හොඳ නෑ...

Tuesday, February 18, 2014

>මගේ ගානෙ Facebook Photo Comments ටිකක්

 ඔන්න කුකුළා අදත් නියම බඩුවක් ගෙනාව කස්ටියටම. දැන් කාලෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකනෙ ෆොටෝ කමෙන්ට් කියන්නේ.. ෆේස්බුක් එකෙන් අලුතින් හදුන්වල දීපු වැඩකෑල්ලක් නිසා මේක දැන් සෑහෙන ජනප්‍රියයි. 
      ඒ වගේම මේ අලුත් වැඩකෑල්ල නිසා මාක් මහත්තයගෙ Serversවලට බලාගෙන ඉද්දි කෙල වෙනව කියලත් සමහරවිට කට්ටිය දන්නව ඇතිනේ. ඒත් ඉතින් අපිට මොකෝ, උහුලගන්න පුළුවන් නිසා වෙන්න ඇතිනෙ දෙන්නෙ. අපිත් නිකං දෙන පෝනියගෙ කටේ දත් බලන්නෙ නැතුව කරපු වැඩේ ප්‍රයෝජනයට ගමුකො..
             ඔන්න මම අද බුකියෙ ඉන්න අපේ සෙට් එකට ෆොටෝ කමන්ට් සෙට් ටිකක් දෙනව මගේ ගානෙම, ජංජාලේ හැමතැනම කරක් ගහල, එකින් එක අමාරුවෙන් සිංහලෙන් Rename කරපු ෆොටෝ කමෙන්ට් ටිකක් තමයි මේ දෙන්නෙ ඈ... 

          ඒ වගේම ඔය සෙට් එක ඇතුලෙ එක ෆොටෝ එකක් ඇති "බම්බුව තමයි" කියල ෆොටෝ කමෙන්ට් එකක්, පුළුවන්නම් විශ්වාස කරන්න ඒ ෆොටෝ එකේ ඉන්නෙ මම. අපි සෙට් එකක් බදුල්ලෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක අහම්බෙන් වැදුන ෆොටෝ එකකට තමයි ඔය අපේ සෙට් එකේ එකෙක් වැඩේ දීල තියෙන්නේ..
            
        එහෙනම් කුකුළා මාරු වුනා.. පහල ලින්ක් එකෙන් ඔක්කොම ටික බාගන්නකෝ...


>අනුන්ගෙ E-mail ලිපිනයක් භාවිතා කරල E-mail යවමු.

මුලින්ම කියන්න ඕනෙ මේ වැඩේ වැරදිවැඩ සඳහා පාවිච්චි කරන්න එපා කියල, මොකද අපේ සමහර අයියල අක්ක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ..
      මේ ක්‍රමය පාවිච්චි කරල අපිට පුළුවන් ෆේස්බුක් ඇඩ්මින්ගෙ E-mail එකෙන් උනත් E-mail යවන්න. මේ වැඩේ පාවිච්චි කරල මොකක් හරි කුප්ප වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ වදෙන් වෙන ප්‍රතිපලේ ගැනත් ටිකක් හිතලම හිටියොත් ගොඩාක් හොඳයි..
        ඒත් මට අපේ කට්ටියව ඒ තරමට අවිශ්වාශ නෑ, මුලින්ම අපි බලමුකෝ කොහොමද මේ වැඩේ කරන්නෙ කියල. මේක කිසිම ටූල් එකක්වත් සොෆ්ට්වෙයාර් එකක්වත් නෙමෙයි, මේ වෙබ් අඩවියක්, මේ මගින් අපිට නොමිලේ වෙන කෙනෙක්ගෙ E-mail එකක් විදිහටතව කෙනෙකුට E-mail යවන්න අවස්තාව ලබා දෙනවා.

හොඳයි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල, මේක ගොඩක් ලේසි වැඩක්. කොටින්ම කිව්වොත් Plug & Play වැඩක්, ඊටත් වඩා ලේසියි. ඔයාල කරන්න තියෙන්නෙ මුලින්ම පහල තියෙන වෙබ් අඩවියට යන්න


ඊට පස්සෙ ඒ සයිට් එකේ තියෙනව ඔයාල E-mail එක යවන්නෙ කවුරු විදිහටද? මොන E-mail ලිපිනයෙන්ද? ඒ වගේ දේවල්, ඒ තැන් පුරවල E-mail එක යවන්න ඕනෙ කෙනාගෙ E-mail එකත් දීල Captcha එකකත් හරියට ටයිප් කරල Send බොත්තම ඔබන්න විතරයි තියෙන්නෙ..

ඒ වගේම මම ආපහු මතක් කරන්න ඕනෙ, මේ වැඩේ වැරදි වැඩවලටනම් පාවිච්චි කරන්නෙපා

>වෙනුෂා මැරුවේ මාර්ක් ද?

“ෆේස් බුක් නිසා කෙල්ලෙක් මැරිලා “ මේක තමයි මේ දවස් වල අළුතින්ම යන කථාව.ඒ කියන්නේ දැන් ෆේස් බුක් මිණී මරණ තැනට ඇවිල්ල ද? කියන ප්‍රශ්ණය හැමෝටම එනවා.ඒකම අනිත් පැත්තට ගත්තොත් ෆේස් බුක් මිණි මරණ තැනට ඇවිල්ලා නෑ. අපි ඒක එතැනට ගෙනැල්ල තියෙනවා.
          
                  මගේ තර්කයට අනුව  වෙනුෂා මියගියේ  ෆේස් බුක් නිසා නොවෙයි. වෙනුෂාගේ  ප්‍රින්සිපල් ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක් වීම නිසා .තවදුරටත් ඒක පැහැදිලි කර ගත්තොත්  ලංකාවේ සාමාන්‍ය පුරවැසියන්ට ෆේස් බුක් කියන්නේ සමාජයට තියෙන  ලොකුම කොඩිවිනය. වැඩිහිටි පරම්පරාවේ බොහොමයක් හිතන්නේ මේක ගෑණු මිනිස්සු ඇදට යවන තැනක් කියලා. එතනින් තමයි හිතන්න පටං ගන්නේ. මොකද මේ Social networking කියන එක හරියට තේරෙන්නේ නැති නිසා.
          
            ඉස්සරම හැත්තෑවේ අසුවේ දශක වෙනකොට මිනිස්සුන්ට ෆේස්බුක් ඕන වුනේ නෑ.මිනිස්සුන්ට ඕන තරං කථා බහ කරන්න වල්පල් බෙදා ගන්න වෙලාව තිබුණා.ගෙදර පිරිමියා හවසට  කඩේ පැත්ත්ට ගිහිං වල්පල් බොදාගන්නවා වගේ ගෑණිත් ළිද ළගට යනවා.මේක තමයි ඇත්ත.තව එහෙම නැත්තං අලුත් යාළුවෙක් අල්ලගන්නම ඕන නම්  සිත්තර පත්තරේ “මිතුරු හමුව“ බැලුවම පිංතූරත් එක්කම ඇඩ්‍රස් එක තියෙනවා . ලියුමක් යවන්න පුළුවං.මෙහෙම මීට දශක ගාණකට කලිං තිබුන සරල සමාජ ජාලකරණය තමයි මේ ඩිජිටල් වෙලා ඇවිල්ල තියෙන්නේ.ඉස්සර පණ පිහිටුවලා තව එකෙක් එකක කිව්ව ඕපාදුප අද පිංතූර විදිහට වීඩියෝ විදිහට දාන්න පුලුවන්.ඔනෑම කෙනෙක් ඕනෑම විනාඩි ගාණකදී හොයාගන්න පුළුවන්.


දැං ඉස්සර වගේ ළිද ලගට යන්න වත්, කඩ පිළට යන්න වත් ,නැත්තං ළමයින්ට හැංගි මුත්තන් කරන්න්වත් වෙලාවක් නැතුව ඔරලෝසුව විසින් මිනිහා කරකවන කාලෙක Social networking තමයි මිනිස්සුන්ට තමන් මිනිස්සු කියලා මතක් කරලා දෙන්නේ.මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදරේ ඕන .ඒ ආදරය එන්න නම් මිනිසා යන්ත්‍රයක් වෙලා වැඩක් නෑ. පුළුවන් තරම් Human වෙන්න ඕන. ඒ Human ගතිය තමයි මේ Social networking වලින් කරන්නේ.ඉස්සර එහා ගෙදර එදල මෙහා ගෙදරට වැට උඩිං කොස් බෑයක් හුවමාරු වෙනකොට මේ Social networking  ඇතුලෙත් Human feelings හුවමාරු වෙනවා. ඒක නවත්තන්න බෑ.

දන්න විදිහට වෙනුෂා අසභ්‍ය පිංතූරයක් නෙවෙයි දාලා තියෙන්නේ.තමන්ගේ පාසැල් නිළ ඇදුමින් ඉන්න පිංතූරයක්. ඒකත් බොහොම පැරණි එකක්.එහෙම නම් ෆේස් බුක් එකේ පිංතූරයක් ගිය පමණන් ඒක පාසැලට අගෞරවයක් වෙන්නේ කොහොමද?පාසැලට අගෞරවයක් කියලා ප්‍රින්සිපල්ට හිතෙනවා ම නම්  කරන්න තිබුනේ “මේ පිංතූරේ අයින් කරලා දාන්න “ කියලා කියන එක විතරයි.

මේ විදිහට මේ ෆේස් බුක් නිසා මැරුණු පළවෙනි කෙනා වෙනුෂා නෙවෙයි.මේ අන්තිම කෙනාත් නෙවෙයි.මේ Social networking වල තියෙන අදහස මිනිස්සු හරියට තේරුම් නොගන්න තාක්කල්  තවත් අය භෞතිකව මැරෙයි  තව ලක්ෂ  ගාණක් මැරුණා වගේ ජීවත් වෙයි. මේක තමයි ඇත්ත තත්වය.

මේකේ ඛේදවාචකය තමයි ලෝකයත් එක්ක වෙනස් නොවෙන මිනිස්සු ලෝකේ එකතැන තියෙන්නේ කියලා හිතාගෙන එදා තමන්ට අහුවුන රාමුවෙන් අද දිහා බලන එක.
උපුටා ගැනීම
http://lfn.lk/ හී අරවින්ද ඉන්ද්‍රජිත් ගෙනි.

indrajitharavinda@gmail.com

Thursday, February 13, 2014

>දිනෙන් දින අසහන කරුවන්ගෙන් පිරීයන ෆෙස්බුකිය

       මේ ගැන පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල මගේ හිතේ තිබ්බේ නෑ, මොකද මගෙ හිතේ බුකිය ගැන තියෙන්නෙ ඉතාමත් හොඳ ආකල්ප නිසා... නමුත් දවසින් දවසින් බුකිය ඇතුලෙ දකින සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් මේ ගැන පෝස්ට් එකක් අනිවා දාන්න ඕනෙ කියල හිතුන මට..
      තාක්ෂණය යනු ඉතාමත් හොඳ සේවකයෙකී නමුත් හොඳ ස්වාමියෙක් නොවේ යන කියමන සෑමදෙනාම පාහේ අසා ඇති බවට සැකයක් නොමැත..
        රට පුරා මහත් ආන්දෝලනයක් ලක් කරන සිද්ධි ඇති වීම සාමාන්‍ය දෙයකි, එමෙන්ම එවැනි සිද්ධි පිළිබඳව සාමන්‍ය ජනයා අදහස් පල කිරීමද ඉතාමත් සාමන්‍ය දෙයකි. නමුත් එවැනි සිද්ධියක් පිළිබඳව නිවැරදි තොරතුරු නොදැන එකී සිද්ධිය හාස්‍යට ලක් කිරීම හා එම සිද්ධිය පිලිබඳ නොමනා අදහස් පතුරාහැරීම පූර්ණ වශයෙන් හෙලා දැකිය යුතු කරුණකි. එවැනි  සිද්ධියක් පිළිබඳව මෙම පොස්ටුව තුලින් ඔබව දැනුවත් කිරීම මාගේ අරමුණ වේ.
    
  
         එමෙන්ම ඉදිරි පෝස්ටුවකින් බුකිය තුල සිදු වන්නා වූ තවත් විෂමාචාර ක්‍රියා කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටද මා අදහස් කරමි.
        පළමු සිද්ධිය වනුයේ පසුගිය දිනවල බුකිය තුල සහ අපේරට තුල ඉමහත් ආන්දෝලනයක් ඇති කල වෙනුෂා ඉමන්දී දැරියගේ සියදිවි නසාගැනීම සම්බන්ධ සිද්ධියයි. එම සිද්ධිය පිළිබඳ විවිධ කෝණ තුලින් බලා එකී සිද්ධිය විවිධ අර්ථ දැක්වීම සහිතව විචාරයට ලක් කර හැක, නමුත් දැනට එම සිද්ධිය සිදු වී හමාරය. අප කොතරම් ඒ පිළිබඳව අදහස් දැක්වූවත් ඇය ආපසු අප අතරට එක් වන්නේ නැත, නමුත් බුකිය තුල සිටින්නා වූ කිසියම් වූ මානසික අසහනකරුවෙක් විසින් එම සිද්ධිය හාස්‍යට ලක් කරමින් ඉහත සඳහන් කල වෙනුෂා ඉමන්දී දැරියගේ නම ඉතාමත් පහත ලෙස භාවිතා කරමින් බොරු ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යයි..

මෙම ලින්කුව මගින් එම අසහනකරුවාගේ එම ව්‍යාජ ගිණුම වෙත පිවිසිය හැක

 මෙලෙසින් ඉතාමත් පහත් ආකාරයෙන් අවාසනාවන්ත සිද්ධියක් හාස්‍යට ලක් කිරීම සුදුසු හෝ නුසුදුසු බව ඔබගේ විමසුමට ඉතිරි කරමි. 

    එමෙන්ම මෙවැනි අසහනකරුවන් බුකිය ඉවත් කිරීම උදෙසා ඔවුන් ෆේස්බුක් බලධාරින් වෙත දැනුම් දීමද ඔබ වෙතම පවරමි.





එම දැරිය විසින් පවත්වාගෙන ගිය ඇයගේ සැබෑ ෆේස්බුක් ගිණුම් දෙක පහතින් දැක්වේ.

අතිගරු හොර කුකුළා