Auto scrolling Bar

Tuesday, February 18, 2014

>වෙනුෂා මැරුවේ මාර්ක් ද?

“ෆේස් බුක් නිසා කෙල්ලෙක් මැරිලා “ මේක තමයි මේ දවස් වල අළුතින්ම යන කථාව.ඒ කියන්නේ දැන් ෆේස් බුක් මිණී මරණ තැනට ඇවිල්ල ද? කියන ප්‍රශ්ණය හැමෝටම එනවා.ඒකම අනිත් පැත්තට ගත්තොත් ෆේස් බුක් මිණි මරණ තැනට ඇවිල්ලා නෑ. අපි ඒක එතැනට ගෙනැල්ල තියෙනවා.
          
                  මගේ තර්කයට අනුව  වෙනුෂා මියගියේ  ෆේස් බුක් නිසා නොවෙයි. වෙනුෂාගේ  ප්‍රින්සිපල් ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක් වීම නිසා .තවදුරටත් ඒක පැහැදිලි කර ගත්තොත්  ලංකාවේ සාමාන්‍ය පුරවැසියන්ට ෆේස් බුක් කියන්නේ සමාජයට තියෙන  ලොකුම කොඩිවිනය. වැඩිහිටි පරම්පරාවේ බොහොමයක් හිතන්නේ මේක ගෑණු මිනිස්සු ඇදට යවන තැනක් කියලා. එතනින් තමයි හිතන්න පටං ගන්නේ. මොකද මේ Social networking කියන එක හරියට තේරෙන්නේ නැති නිසා.
          
            ඉස්සරම හැත්තෑවේ අසුවේ දශක වෙනකොට මිනිස්සුන්ට ෆේස්බුක් ඕන වුනේ නෑ.මිනිස්සුන්ට ඕන තරං කථා බහ කරන්න වල්පල් බෙදා ගන්න වෙලාව තිබුණා.ගෙදර පිරිමියා හවසට  කඩේ පැත්ත්ට ගිහිං වල්පල් බොදාගන්නවා වගේ ගෑණිත් ළිද ළගට යනවා.මේක තමයි ඇත්ත.තව එහෙම නැත්තං අලුත් යාළුවෙක් අල්ලගන්නම ඕන නම්  සිත්තර පත්තරේ “මිතුරු හමුව“ බැලුවම පිංතූරත් එක්කම ඇඩ්‍රස් එක තියෙනවා . ලියුමක් යවන්න පුළුවං.මෙහෙම මීට දශක ගාණකට කලිං තිබුන සරල සමාජ ජාලකරණය තමයි මේ ඩිජිටල් වෙලා ඇවිල්ල තියෙන්නේ.ඉස්සර පණ පිහිටුවලා තව එකෙක් එකක කිව්ව ඕපාදුප අද පිංතූර විදිහට වීඩියෝ විදිහට දාන්න පුලුවන්.ඔනෑම කෙනෙක් ඕනෑම විනාඩි ගාණකදී හොයාගන්න පුළුවන්.


දැං ඉස්සර වගේ ළිද ලගට යන්න වත්, කඩ පිළට යන්න වත් ,නැත්තං ළමයින්ට හැංගි මුත්තන් කරන්න්වත් වෙලාවක් නැතුව ඔරලෝසුව විසින් මිනිහා කරකවන කාලෙක Social networking තමයි මිනිස්සුන්ට තමන් මිනිස්සු කියලා මතක් කරලා දෙන්නේ.මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදරේ ඕන .ඒ ආදරය එන්න නම් මිනිසා යන්ත්‍රයක් වෙලා වැඩක් නෑ. පුළුවන් තරම් Human වෙන්න ඕන. ඒ Human ගතිය තමයි මේ Social networking වලින් කරන්නේ.ඉස්සර එහා ගෙදර එදල මෙහා ගෙදරට වැට උඩිං කොස් බෑයක් හුවමාරු වෙනකොට මේ Social networking  ඇතුලෙත් Human feelings හුවමාරු වෙනවා. ඒක නවත්තන්න බෑ.

දන්න විදිහට වෙනුෂා අසභ්‍ය පිංතූරයක් නෙවෙයි දාලා තියෙන්නේ.තමන්ගේ පාසැල් නිළ ඇදුමින් ඉන්න පිංතූරයක්. ඒකත් බොහොම පැරණි එකක්.එහෙම නම් ෆේස් බුක් එකේ පිංතූරයක් ගිය පමණන් ඒක පාසැලට අගෞරවයක් වෙන්නේ කොහොමද?පාසැලට අගෞරවයක් කියලා ප්‍රින්සිපල්ට හිතෙනවා ම නම්  කරන්න තිබුනේ “මේ පිංතූරේ අයින් කරලා දාන්න “ කියලා කියන එක විතරයි.

මේ විදිහට මේ ෆේස් බුක් නිසා මැරුණු පළවෙනි කෙනා වෙනුෂා නෙවෙයි.මේ අන්තිම කෙනාත් නෙවෙයි.මේ Social networking වල තියෙන අදහස මිනිස්සු හරියට තේරුම් නොගන්න තාක්කල්  තවත් අය භෞතිකව මැරෙයි  තව ලක්ෂ  ගාණක් මැරුණා වගේ ජීවත් වෙයි. මේක තමයි ඇත්ත තත්වය.

මේකේ ඛේදවාචකය තමයි ලෝකයත් එක්ක වෙනස් නොවෙන මිනිස්සු ලෝකේ එකතැන තියෙන්නේ කියලා හිතාගෙන එදා තමන්ට අහුවුන රාමුවෙන් අද දිහා බලන එක.
උපුටා ගැනීම
http://lfn.lk/ හී අරවින්ද ඉන්ද්‍රජිත් ගෙනි.

indrajitharavinda@gmail.com

No comments:

අතිගරු හොර කුකුළා