Auto scrolling Bar

Friday, January 31, 2014

>මිනිස් සිරුරේ අසිරිය ත්‍රිමාණව විඳ ගමු (3D Human Body Online)

ඔන්න මම අද ඔයාලට ගෙනාව ඔයාලට ගොඩාක් වැදගත් වෙන මිනිස් සිරුරේ ත්‍රිමාණ අනුරූ ඇතුලත් වෙබ් අඩවියක් ගැන විස්තර,මේ වෙබ් අඩවියෙන් අපිට පුළුවන් මිනිස් සිරුර ගැන හොද අධ්‍යනයක් ලබා ගන්න. මෙතන ඉන්න දෙන්න තමයි මේකේ නිරුපන ශිල්පියෝ දෙන්න හැටියට ඉන්නේ (මේ දෙන්න ඇත්ත දෙන්නෙක් නෙමෙයි)...
         ඔයාල මේ වෙබ් අඩවියට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ ගැන තවත් විස්තර දැනගන්න.ඔයාලම ගිහිල්ල බලන්නකෝ....

Site එකේ Screen Shots ටිකකුත් පහල තියෙනවා, බලලම යන්න...

 
මේ පොස්ට් එක හොදයි , වැදගත් කියල හිතෙනවනම් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා...

මිනිස් සිරුර ත්‍රිමාණව විදගන්න මෙතනින් යන්න

>Disk Partition කරද්දී එක Partition එකකට වැඩියෙන් Space එක ගියා කියල දැනුනද? එහෙනම් මෙන්න හොඳම විසඳුම "Virtual Drive"

 

















අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත්ම දෙයක්, මේක ගොඩක් වෙලාවට ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් දෙයක්. ඔයාලට පේනවද මේ උඩ Pic එකේ රතු පාටින් ලකුණු කරල තියෙන Drive එක? ඒක මම හදපු Virtual Drive එකක්. ඔයාලටත් මේ වගේ එකක් හදාගන්න පුළුවන් විදිහ අද මම ඔයාට කියල දෙන්නම්.  

මුලින්ම Control Panel>System and Security යටතේ තියෙන Create and Format Hard Disk Partitions එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ Window එකක් ලැබෙයි

ඊට පස්සෙ ඉහල Pic එකේ රවුම් කරල තියෙන "Actions" යටතේ "Create VHD" Option එකට යන්න. ඉන්පසුව පහල තියෙන විදිහෙ Window එකක් Open වෙයි. 
ඒකෙ Browse කියන තැනින් ඔයාලට හදන්න අවශ්‍ය Virtual Drive එකට Storage Space එක ගන්න පුළුවන් වැඩිපුර ඉඩ තියෙන Hard Drive Partition එකෙන් තැනක් තෝරල දීල, ඒ Drive එකට ඔයාල කැමති නමක් දෙන්න, ඊට පස්සෙ ඒකට පහලින් ඇති තැනින් ඔයාලට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය දෙන්න, MB, GB, TB කියල option 3න් කැමති විදිහට තෝරගන්න. එහෙම තෝරගෙන OK කරන්න.
 
ඒක ඉවර උනාට පස්සෙ මෙන්න මේ වගේ Drive එකක් පෙනෙයි
 

ඉන් පස්සෙ ඒ Drive එක පහල විදිහට Right Click කරාම Initialise කියල Option එකක් ඇති, ඒක Click කරන්න
ඊට පස්සෙ පහල වගේ Window එකක් Open වෙයි
ඒක ok කරාට පස්සෙ පහල තියෙන පියවර කිහිපය අනුගමනය කරන්න
01.
02.
03.
 04.
05.
06.
6වෙනි පියවරත් එක්කම අපේ වැඩෙත් සම්පූර්ණයි.. මේ ගැන ප්‍රශ්න තිබ්බොත් Comment එකක් මගින් දැනුවත් කරන්න.. 
අතපසු වීමකින් හෝ වෙනත් වෙනත් හේතුවකින් Virtual drive එකක් අතුරුදහන් උනොත් ඒක ආපහු Recover කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනව, කට්ටියගෙ ප්‍රතිචාර බලල ළඟදීම ඒකත් දාන්නම්..
වැඩේ හොඳයි වගේනම් Comment එකක් දාල යන්නත් අමතක කරන්නෙපා..
ආයෙත් මේ වගේ අලුත් දේකින් හම්බ වෙමු...

>ඔයාගෙ ෆේස්බුක් ගිණුමට නිතරම එන එයා කවුද?

අදනම් ටිකක් වෙනස් පැත්තකට බැස්ස... Tech Support පැත්තට තමයි අද හොර කුකුළා ආවේ. එහෙනම් බලමුද අද මොනවද මම ගෙනාවේ කියල.?
          ඔයාලගෙ ෆේස්බුක් ගිණුමට නිතරම ඇවිල්ල බලල යන අයව බලාගන්න විදිහක් තිබ්බනම් හොඳයි නේද? ඉතින් ඒක කරන්න විදිහ තමයිනෙ අවුල. බුකියෙනම් එක එක විදිහෙ app තිබ්බට ඒවා විශ්වාස කරන්න බෑනේ, ගොඩක් එව බොරුනෙ කරන්නෙ. අන්න ඒක නිසා තමයි මම අද ඔයාලට එක කරන්න පුළුවන් Trick එකක් ගෙනාවේ..
     මේක ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට බය වෙන්නෙපා වැඩේ හරිම ලේසියි.කට්ටියට වැඩේ ලේසි වෙන්නත් එක්ක මම පියවර විදිහට කියල දෙන්නම්කෝ... 


01.
මුලින්ම ඔයා ඔයාගෙ ෆේස්බුක් ගිණුමට ලොග් වෙලා ඔයාලගෙ Profile එකට යන්නකෝ.

02.
ඊළඟට එකේ කොහෙන් හරි Right Click කරන්න. (Link එකක් උඩ නෙමෙයි)

03.
ඊට පස්සෙ එතන ඇති View Page Source කියල එකක්, ඒක Click කරන්න.

04.
ඊට පස්සෙ ඔයාලගෙ Browser එකේ New window එකක් Open වෙයි. ඒක අරගෙන Ctrl බට්න් එක ඔබාගෙන F බට්න් එක ඔබන්න.

05.
ඊට පස්සෙ ඔයාලට පැත්තකින් වැටෙයි Search bar එකක් මේ වගේ

ඒකෙ ටයිප් කරන්න {"list" කියල.







06.
එතන තියෙයි
{"list":["10000056524825-2","10000065885423-2","100000464189864-2"....................................
කියල ඉලක්කම් වගයක්

07.
ඒ තමයි ඔයාගෙ Profile එකට ආපු ගිය අයගෙ Profile ID... ඒ Numbers ඉස්සරහින් -2 වගේ ඒවා තියෙනවනේ ඒව නැතුව අනිත් Numbers ටික
උදාහරණ:-   www.facebook.com/10000065885423
විදිහට ටයිප් කරල Address Bar එකේ ගහල Enter බට්න් එක ඔබල  බලන්න, ඔයාට එයාලගෙ Profile එක පෙන්නයි.

වැඩේ හොඳයි නම් කොමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්නෙපා..

Tuesday, January 28, 2014

>තනි වෙලාද ඔබ..??

ඔයාගෙ දුක් කරදරවලදී
තවත් කෙනෙකුට
ඔයාට පිහිට වෙන්න පුළුවන්...
ඔයා ඒ බව දන්නෙ නෑ නේද?




ඔයා ඒ දුක් වේදනා
අවංකවම.... 
ඔයාට ආදෙර් කරන 
කෙනත් එක්ක 
කතා කලොත් පමණයි...
ඔයාගෙ දුක නැති වෙන්නෙ
එයා ඔයාව සනසයි...

ඔයා මොනම හේතුවකට හරි
ඔයාගෙ හදවත
ඔයාට ආදරේ කරන කෙනාගෙන් 
ඒ දුක හංගගෙන ජීවත් වෙනවනම්...

කියන්න කණගාටුයි...
ඔයාට ඒ ආදරය 
අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නෙ නෑ...

Monday, January 27, 2014

>හිතට හයිය අරන් ජීවත් වෙන්න පුංචි ඔවදනක්

ඔයාලටත් කවද හරි මේ වගේ දැනිල හරි හිතිලා හරි තියෙනවද? ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ ජීවිතේ ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන පුංචි කාරණා ටිකක්, අපි හැමෝටම මේ වගේ ජීවිතේ අමාරු අවස්ථා ඕනේ තරම් ලැබිල ඇති, සමහරු ඒ ප්‍රශ්නවලින් පරාද වෙලා වගේ ජීවිතේ ගැන බලාපොරොත්තු ගොඩක් අඩුවෙන් තියාගෙන ජීවිතේ විඳවනවා ඇති, තවත් සමහරු ජීවිතේ ගැන මේ වගේ කටුක අත්දැකීම් විඳල දැන් ලස්සනට ජීවිතේ ගෙවනවත් ඇති, මම දැන් කියපු දෙගොල්ලොන්ම අයිති වෙන්නෙ එකම ගොඩකට කියල මම කිව්වොත් ඔයාල ඒක විශ්වාස කරනවද? ඔව් විශ්වාස කරන්න ටිකක් අමාරුයි වගේ වුනාට ඒක තමයි මිනිස් ජීවිතේ ඇත්ත. ඒ ඇයි කියල දැනගන්න පහල තියෙන ටික හොදට කියවන්නකෝ.... :) 

සමනලයාගේ ජීවන චක්‍රය හා මිනිස් ජීවිතය

දැන් ඔයාල බලනව ඇති "මේ මොකක්ද මේ යකාට වෙලා තියෙන්නෙ කියල" ඒත් මේ ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ... ඔයාල හැමෝම සමනලයෝ දැකල තියෙනව නේද? ඉස්කෝලෙදි සමනලගෙ ජීවන චක්‍රය ගැනත් ඉගෙනගෙන තියෙනව නේද?ටිකක් කල්පනා කරලා බලන්න සමනලය තමන්ගේ ජීවිතේ සමනලයෙක් කරගන්න කොච්චරදුක් විදිනවද? පොඩ්ඩක් බලන්න සමනලගෙ ජීවන චක්‍රය දිහා. 
සමනලගේ ජීවන අවස්ථා 4ක් තියෙනව,   
1. සමනල බිත්තර, 
2. දළඹු අවස්ථාව,   
3. පිලව් අවස්ථාව
4. සමනල අවධිය  

අපි සමනළයෝ විදිහට සමනල බිත්තර වගේ උපදිනවා (බිත්තර වගේ කිව්වේ ඇත්තටම බිත්තර නෙමෙයි, ඒත් බිත්තරයක් ඇතුලේ ඉද්දි තියෙන ආරක්ෂාව වගේම ආරක්ෂාවක් ආදරයක් සෙනෙහසක් ලැබෙනව.), ඒ කාලේ හරිම සුන්දරයි කියලත් හිතෙනව නේද? ඒ කාලේදී අපේ අම්මල තාත්තල අපිව ගොඩක් ආදරෙන් බලාගන්නවා, ඒත් සමහර වෙලාවට එක පාරටම ඒ ලස්සන ජීවිතේට සමුදීල ගොඩක් කටුක දුෂ්කර අවස්ථාවකට එන්න අපිට සිද්ද වෙනව, හරියට බිත්තර අවස්ථාවෙන් දළඹු අවස්ථාවට එනව වගේ.... 

          දළඹුව බිත්තරෙන් එලියට එද්දී ගොඩක් කරදර විදිනවා වගේ අපිටත් මේ කාලේදී ගොඩක් කරදර දුක්කම්කටොලු විදින්න වෙනව.... ඒ වගේ ගොඩක් දුක් විදලා අපි ඒ ආදරේ කරපු බිත්තරයේ ආරක්ෂාවෙන් එලියට එන්නේ කවමදාවත් කැමැත්තකින් නෙමෙයි, ඒත් අපිට වෙන විකල්පයක් නැති වෙලා ඒ ආදරයෙන් ආරක්ෂාවෙන් ඈත් වෙන්න වෙනව, එහෙම ඈත් වෙලා එලියට ආවමත් කිසිම සැනසීමක් හම්බ වෙන්නෙ නෑ, අපිට සිද්ද වෙනව අපේ ජීවිතේ ජීවත් කරන විදිහ ගැන හිතන්න,... 
        බිත්තරයෙන් එලියට ආපු පුංචි දළඹුව තනියම කෑම හොයාගෙන තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා වගේ අපිටත් සිද්ද වෙනව සමහරක් වෙලාවට ඒ වගේ දේවල් තනියම කරන්න, අපිට සිද්ද වෙනව ලොකු වගකීම් ගොඩකට කර තියන්න, අන්න ඒ කාලේදී තමයි අපිට අපේ ජීවිතේ ගැන ලොකුවට කලකිරෙන්න ගන්නේ, ඒත් ඒවා අධිෂ්ටානයෙන් ඉවසගෙන ඒවත් එක්කම ගැටිලා තවත් ඉස්සහට ගියොත් අපිට පුලුවන්  වෙනව දළඹු අවස්ථාවට වඩා ටිකක් ඉහල පිලව් අවස්ථාවට යන්න, ගොඩක් වෙලාවට අපිට අපේ දළඹු ජීවිතෙන් මිදිලා පුළුවන් වෙන විදිහේ එක පුංචි සිදුවීමකින් තමයි අපිට මේ දුක් විදින ජීවිතෙන් ටිකක් ඉහල යන්න පුළුවන් වෙන්නෙ, සමහරවිට ඒ තවත් පුද්ගලයෙක් මුණ ගැසීම වෙන්නත් ගොඩක් ඉඩ තියෙනව, ඒකට ලොකුම උදාහරනේ තමයි මගේ ජීවිතේ.....  
         ඔන්න දැන් තමයි අපි ජීවිතේ එහෙමත් නැත්නම් මිනිස් සමනල ජීවන චක්‍රයේ සංක්‍රාන්ති සමය උදා වෙන්නෙ (ඔයාලට ජීවිතේ ගැන උපදෙස් දෙන මමත් ඉන්නේ මේ අවධියේ තමයි.), මේ පිලව් අවධියේදී අපි හොදට දැනගන්නවා කලින් දළඹු අවස්ථාවේදී විදපු කරදරවලින් පාඩම් ඉගෙනගෙන අපේ ලස්සන සමනල ජීවිතේට පියවර තියන හැටි, හරියට සමනල පිලව කෝෂය ඇතුලේ ඉදන් සමනලයෙක් වගේ වෙනස් වෙනව වගේ අපිත් අපේ පරණ දුක් කරදරවලින් ඉගෙන ගත්ත දැනමුතුකම් පාඩම් වගේ දේවල්වලට අනුව අපේ ජීවිතේ හැඩ ගස්සවගන්න හැටි අපි ඉගෙන ගන්නව...  

ඊට පස්සේ අපිට පුළුවන් වෙනව ඒ දුක් කරදර කියන කෝෂය පුපුරවාගෙන අපේ ලස්සන අනාගතේට පියවර තියල ඒ ලස්සන සමනල ජීවිතේට එන්න...
තවත් දෙයක් හොදට මතක තියාගන්න...
අපේ සමනල ජීවිතේ බිත්තර අවධිය අපිත් එක්ක හැමදාම ඉන්නේ නෑ, ඒකට තියෙන්නෙ සාමාන්‍ය ආයුෂක් ඒ වගේම දළඹු අවධුය අපිට ගොඩක් ලොකුයි කියල හිතුනට එකේ අවසානයක් පෙනුනේ නැති උනාට ඒක තියෙන්නෙ ගොඩාක් පුංචි ආයුෂක්, ඒත් පිලව් අවස්ථාව ටිකක් දීර්ඝ එකක්, ඒක නිසා ඒ අමාරු කාල කොහොම හරි අධිෂ්ටානයෙන් ඉවසගෙන වින්ද දරාගෙන හිටියොත් සදාකාලික සමනල ජීවිතේ ඉක්මනින්ම ලඟා කර ගන්න පුළුවන් වෙයි....
ජීවිතේට වැදගත් යමක් ගන්න පුළුවන් උනා කියල හිතෙනවනම් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා...

Sunday, January 26, 2014

>කොල්ලෙක්නම් අනිවාර්යෙන්ම කියවිය යුතු දෙයක්

යොවුන් වියේ ඔබ සැම මෙය අනිවාරයෙන්ම කියවන්න... මට මේක පෙරේද දාන්න ඉදලත් වැලන්ටයින් සමරන ඔබගේ ඒ දිනේ නාස්ති කරන්න තරම් මං ආත්මාර්ථකාමි නැත.එත් ඊයේ වැලන්ටයින් සැමරු ඔබ දැන් මෙය කියවා ඔබ ඊයේ කර දේ හරිද බලන්න... මේක එක පාරක් කියවපන් බන්...... මොන මගුලක්ද...!!!!! මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා.. අද පංතිත් නෑ.. මොකටද උදෙන් නැගිටින්නෙ.. "ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියා" ඒ පාර කෝල් එකක්.. පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව. මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ.. මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්.. හරිනෙ බොලේ දැං මතක් උනේ.. අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි.. මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව.. අම්මේ.. අම්මේ නැගිටින්න.. මට අද පංති උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව.. මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල.. හවස් වෙනවද පුතේ එනකොට ? ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ එහෙනම් ඉන්න පුතේ. මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා.. කීක් කීක් කීක් කීක් 
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata anna.nathnam mm yanawa..ummmmmmma.
  
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන... තුන්වෙනි සතියනෙ... කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ 
 
සල්ලි නෑ පුතේ.. හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ? හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම.. අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..
මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව.. මොකක් ? 
මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව.. 
- මොකද උඹ මට විරිත්තන්නෙ ? මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
- නෑ.. මට උඹ දැක්කම හිනා ගියා.. 
- ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ? 
- උඹ නපුංසකයෙක්... 
- මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල... 
- උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ... 
- මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව.... 
- ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං, උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට.. ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
- තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ 
- ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ? 
- පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ? 
- එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව 
- කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව 
- ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක? 
- මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව 
- පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල.. 
- මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ? කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි.. 
- ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක 

 මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන.. 
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා.. අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ.....!!!   
පොඩ්ඩක් හිතන්න, ඒ අහිංසක අම්මට වැරද්දක් කරොත් අපිට හරියයිද?

අතිගරු හොර කුකුළා