Auto scrolling Bar

Friday, January 31, 2014

>ඔයාගෙ ෆේස්බුක් ගිණුමට නිතරම එන එයා කවුද?

අදනම් ටිකක් වෙනස් පැත්තකට බැස්ස... Tech Support පැත්තට තමයි අද හොර කුකුළා ආවේ. එහෙනම් බලමුද අද මොනවද මම ගෙනාවේ කියල.?
          ඔයාලගෙ ෆේස්බුක් ගිණුමට නිතරම ඇවිල්ල බලල යන අයව බලාගන්න විදිහක් තිබ්බනම් හොඳයි නේද? ඉතින් ඒක කරන්න විදිහ තමයිනෙ අවුල. බුකියෙනම් එක එක විදිහෙ app තිබ්බට ඒවා විශ්වාස කරන්න බෑනේ, ගොඩක් එව බොරුනෙ කරන්නෙ. අන්න ඒක නිසා තමයි මම අද ඔයාලට එක කරන්න පුළුවන් Trick එකක් ගෙනාවේ..
     මේක ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට බය වෙන්නෙපා වැඩේ හරිම ලේසියි.කට්ටියට වැඩේ ලේසි වෙන්නත් එක්ක මම පියවර විදිහට කියල දෙන්නම්කෝ... 


01.
මුලින්ම ඔයා ඔයාගෙ ෆේස්බුක් ගිණුමට ලොග් වෙලා ඔයාලගෙ Profile එකට යන්නකෝ.

02.
ඊළඟට එකේ කොහෙන් හරි Right Click කරන්න. (Link එකක් උඩ නෙමෙයි)

03.
ඊට පස්සෙ එතන ඇති View Page Source කියල එකක්, ඒක Click කරන්න.

04.
ඊට පස්සෙ ඔයාලගෙ Browser එකේ New window එකක් Open වෙයි. ඒක අරගෙන Ctrl බට්න් එක ඔබාගෙන F බට්න් එක ඔබන්න.

05.
ඊට පස්සෙ ඔයාලට පැත්තකින් වැටෙයි Search bar එකක් මේ වගේ

ඒකෙ ටයිප් කරන්න {"list" කියල.







06.
එතන තියෙයි
{"list":["10000056524825-2","10000065885423-2","100000464189864-2"....................................
කියල ඉලක්කම් වගයක්

07.
ඒ තමයි ඔයාගෙ Profile එකට ආපු ගිය අයගෙ Profile ID... ඒ Numbers ඉස්සරහින් -2 වගේ ඒවා තියෙනවනේ ඒව නැතුව අනිත් Numbers ටික
උදාහරණ:-   www.facebook.com/10000065885423
විදිහට ටයිප් කරල Address Bar එකේ ගහල Enter බට්න් එක ඔබල  බලන්න, ඔයාට එයාලගෙ Profile එක පෙන්නයි.

වැඩේ හොඳයි නම් කොමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්නෙපා..

No comments:

අතිගරු හොර කුකුළා