ඔයාලටත් කවද හරි මේ වගේ දැනිල හරි හිතිලා හරි තියෙනවද?
ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ ජීවිතේ ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන පුංචි කාරණා ටිකක්,
අපි හැමෝටම මේ වගේ ජීවිතේ අමාරු අවස්ථා ඕනේ තරම් ලැබිල ඇති, සමහරු ඒ ප්‍රශ්නවලින් පරාද වෙලා වගේ ජීවිතේ ගැන බලාපොරොත්තු ගොඩක් අඩුවෙන් තියාගෙන ජීවිතේ විඳවනවා ඇති, තවත් සමහරු ජීවිතේ ගැන මේ වගේ කටුක අත්දැකීම් විඳල දැන් ලස්සනට ජීවිතේ ගෙවනවත් ඇති, මම දැන් කියපු දෙගොල්ලොන්ම අයිති වෙන්නෙ එකම ගොඩකට කියල මම කිව්වොත් ඔයාල ඒක විශ්වාස කරනවද? ඔව් විශ්වාස කරන්න ටිකක් අමාරුයි වගේ වුනාට ඒක තමයි මිනිස් ජීවිතේ ඇත්ත. ඒ ඇයි කියල දැනගන්න පහල තියෙන ටික හොදට කියවන්නකෝ.... :)
දැන් ඔයාල බලනව ඇති "මේ මොකක්ද මේ යකාට වෙලා තියෙන්නෙ කියල" ඒත් මේ ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ...
ඔයාල හැමෝම සමනලයෝ දැකල තියෙනව නේද? ඉස්කෝලෙදි සමනලගෙ ජීවන චක්‍රය ගැනත් ඉගෙනගෙන තියෙනව නේද?ටිකක් කල්පනා කරලා බලන්න සමනලය තමන්ගේ ජීවිතේ සමනලයෙක් කරගන්න කොච්චරදුක් විදිනවද? පොඩ්ඩක් බලන්න සමනලගෙ ජීවන චක්‍රය දිහා.
සමනලගේ ජීවන අවස්ථා 4ක් තියෙනව,
1. සමනල බිත්තර, 2. දළඹු අවස්ථාව,
3. පිලව් අවස්ථාව
4. සමනල අවධිය
අපි සමනළයෝ විදිහට සමනල බිත්තර වගේ උපදිනවා (බිත්තර වගේ කිව්වේ ඇත්තටම බිත්තර නෙමෙයි, ඒත් බිත්තරයක් ඇතුලේ ඉද්දි තියෙන ආරක්ෂාව වගේම ආරක්ෂාවක් ආදරයක් සෙනෙහසක් ලැබෙනව.), ඒ කාලේ හරිම සුන්දරයි කියලත් හිතෙනව නේද? ඒ කාලේදී අපේ අම්මල තාත්තල අපිව ගොඩක් ආදරෙන් බලාගන්නවා, ඒත් සමහර වෙලාවට එක පාරටම ඒ ලස්සන ජීවිතේට සමුදීල ගොඩක් කටුක දුෂ්කර අවස්ථාවකට එන්න අපිට සිද්ද වෙනව, හරියට බිත්තර අවස්ථාවෙන් දළඹු අවස්ථාවට එනව වගේ....
දළඹුව බිත්තරෙන් එලියට එද්දී ගොඩක් කරදර විදිනවා වගේ අපිටත් මේ කාලේදී ගොඩක් කරදර දුක්කම්කටොලු විදින්න වෙනව....
ඒ වගේ ගොඩක් දුක් විදලා අපි ඒ ආදරේ කරපු බිත්තරයේ ආරක්ෂාවෙන් එලියට එන්නේ කවමදාවත් කැමැත්තකින් නෙමෙයි, ඒත් අපිට වෙන විකල්පයක් නැති වෙලා ඒ ආදරයෙන් ආරක්ෂාවෙන් ඈත් වෙන්න වෙනව, එහෙම ඈත් වෙලා එලියට ආවමත් කිසිම සැනසීමක් හම්බ වෙන්නෙ නෑ, අපිට සිද්ද වෙනව අපේ ජීවිතේ ජීවත් කරන විදිහ ගැන හිතන්න,...
බිත්තරයෙන් එලියට ආපු පුංචි දළඹුව තනියම කෑම හොයාගෙන තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා වගේ අපිටත් සිද්ද වෙනව සමහරක් වෙලාවට ඒ වගේ දේවල් තනියම කරන්න, අපිට සිද්ද වෙනව ලොකු වගකීම් ගොඩකට කර තියන්න, අන්න ඒ කාලේදී තමයි අපිට අපේ ජීවිතේ ගැන ලොකුවට කලකිරෙන්න ගන්නේ, ඒත් ඒවා අධිෂ්ටානයෙන් ඉවසගෙන ඒවත් එක්කම ගැටිලා තවත් ඉස්සහට ගියොත් අපිට පුලුවන් වෙනව දළඹු අවස්ථාවට වඩා ටිකක් ඉහල පිලව් අවස්ථාවට යන්න, ගොඩක් වෙලාවට අපිට අපේ දළඹු ජීවිතෙන් මිදිලා පුළුවන් වෙන විදිහේ එක පුංචි සිදුවීමකින් තමයි අපිට මේ දුක් විදින ජීවිතෙන් ටිකක් ඉහල යන්න පුළුවන් වෙන්නෙ, සමහරවිට ඒ තවත් පුද්ගලයෙක් මුණ ගැසීම වෙන්නත් ගොඩක් ඉඩ තියෙනව, ඒකට ලොකුම උදාහරනේ තමයි මගේ ජීවිතේ.....
ඔන්න දැන් තමයි අපි ජීවිතේ එහෙමත් නැත්නම් මිනිස් සමනල ජීවන චක්‍රයේ සංක්‍රාන්ති සමය උදා වෙන්නෙ (ඔයාලට ජීවිතේ ගැන උපදෙස් දෙන මමත් ඉන්නේ මේ අවධියේ තමයි.), මේ පිලව් අවධියේදී අපි හොදට දැනගන්නවා කලින් දළඹු අවස්ථාවේදී විදපු කරදරවලින් පාඩම් ඉගෙනගෙන අපේ ලස්සන සමනල ජීවිතේට පියවර තියන හැටි, හරියට සමනල පිලව කෝෂය ඇතුලේ ඉදන් සමනලයෙක් වගේ වෙනස් වෙනව වගේ අපිත් අපේ පරණ දුක් කරදරවලින් ඉගෙන ගත්ත දැනමුතුකම් පාඩම් වගේ දේවල්වලට අනුව අපේ ජීවිතේ හැඩ ගස්සවගන්න හැටි අපි ඉගෙන ගන්නව...
බිත්තරයෙන් එලියට ආපු පුංචි දළඹුව තනියම කෑම හොයාගෙන තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා වගේ අපිටත් සිද්ද වෙනව සමහරක් වෙලාවට ඒ වගේ දේවල් තනියම කරන්න, අපිට සිද්ද වෙනව ලොකු වගකීම් ගොඩකට කර තියන්න, අන්න ඒ කාලේදී තමයි අපිට අපේ ජීවිතේ ගැන ලොකුවට කලකිරෙන්න ගන්නේ, ඒත් ඒවා අධිෂ්ටානයෙන් ඉවසගෙන ඒවත් එක්කම ගැටිලා තවත් ඉස්සහට ගියොත් අපිට පුලුවන් වෙනව දළඹු අවස්ථාවට වඩා ටිකක් ඉහල පිලව් අවස්ථාවට යන්න, ගොඩක් වෙලාවට අපිට අපේ දළඹු ජීවිතෙන් මිදිලා පුළුවන් වෙන විදිහේ එක පුංචි සිදුවීමකින් තමයි අපිට මේ දුක් විදින ජීවිතෙන් ටිකක් ඉහල යන්න පුළුවන් වෙන්නෙ, සමහරවිට ඒ තවත් පුද්ගලයෙක් මුණ ගැසීම වෙන්නත් ගොඩක් ඉඩ තියෙනව, ඒකට ලොකුම උදාහරනේ තමයි මගේ ජීවිතේ.....
ඊට පස්සේ අපිට පුළුවන් වෙනව ඒ දුක් කරදර කියන කෝෂය පුපුරවාගෙන අපේ ලස්සන අනාගතේට පියවර තියල ඒ ලස්සන සමනල ජීවිතේට එන්න...
තවත් දෙයක් හොදට මතක තියාගන්න...
අපේ සමනල ජීවිතේ බිත්තර අවධිය අපිත් එක්ක හැමදාම ඉන්නේ නෑ, ඒකට තියෙන්නෙ සාමාන්‍ය ආයුෂක් ඒ වගේම දළඹු අවධුය අපිට ගොඩක් ලොකුයි කියල හිතුනට එකේ අවසානයක් පෙනුනේ නැති උනාට ඒක තියෙන්නෙ ගොඩාක් පුංචි ආයුෂක්, ඒත් පිලව් අවස්ථාව ටිකක් දීර්ඝ එකක්, ඒක නිසා ඒ අමාරු කාල කොහොම හරි අධිෂ්ටානයෙන් ඉවසගෙන වින්ද දරාගෙන හිටියොත් සදාකාලික සමනල ජීවිතේ ඉක්මනින්ම ලඟා කර ගන්න පුළුවන් වෙයි....
ජීවිතේට වැදගත් යමක් ගන්න පුළුවන් උනා කියල හිතෙනවනම් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා...
1 comment:
ඔබේ අදහස් වලින් එක අයෙකු හෝ යමක් උගනී නම් ඔබ වාසනාවන්තයෙකි.(අප්සරා)
Post a Comment